Tuesday, February 19, 2013

චිත‍්‍ර කලාවේ සංවර්ධනය හා කාටුන් කලාවේ ආරම්භය


සමාජයේ සිදුවන යම් සිදුවීමක් හාස්‍ය උපහාසය මුසු කොට අඳිනු ලබන චිත‍්‍ර කාටුන් චිත‍්‍ර ලෙස වර්තමානය වන විට වඩාත් ජනප‍්‍රිය මාධ්‍යයක් බවට පත්ව ඇති බවක් දක්නට ලැබේ. සාක්ෂරතාවය නොමැති ජනතාවට වුවද තේරුම් ගත හැකි අයුරින් සරලව කාටුන් මාධ්‍යය හසුරවනු ඇත. සමාජ විරෝධී අදහසක් සමාජය වෙත සන්නිවේදනය කළ හැකි මාධ්‍යයක් ලෙසින්ද මෙය පෙන්වා දිය හැකිය.
කාටුන් කලාවේ ඉතිහාසය ඈතට දිවෙන්නකි. කාටුන් කලාවේ ඉතිහාසය සෙවීමේදී හාස්‍යොත්පාදක ලක්ෂණ සහිත අසභ්‍ය යැයි කිව හැකි මට්ටමේ චිත‍්‍ර පන්තියක් ‘පොම්පෙයි’නුවරින් හමු වී ඇති බව චිත‍්‍ර කලා ඉතිහාසය සඳහන් කරයි. චිත‍්‍ර මාධ්‍යය ඈත අතීතයේ පටන්ම අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා යොදා ගත් මාධ්‍යයක් බවට ප‍්‍රංශයේ ලැස්කෝ, ස්පාඤ්ඤයේ අල්ටමීරා ලෙන් ගුහා චිත‍්‍ර සාක්ෂි දරයි. වර්තමාන කාටුන් කලාව ද චිත‍්‍ර කලාවෙන් පෝෂණය වූ මාධ්‍යයකි. අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා භාවිත චිත‍්‍ර සම්ප‍්‍රදාය කාටුන් චිත‍්‍ර සම්ප‍්‍රදාය විශේෂ ස්ථානයක් ගනී. කාටුන් චිත‍්‍ර ඇඳීම සඳහා අතීත ශිෂ්ටාචාර වාසීන් හුරු පුරුදු වී සිටි චිත‍්‍ර ශිල්පයක් බවට ද සාක්ෂි දක්නට ලැබේ.අතීත මිසර ශිෂ්ටාචාර වැසියන් තිරිසනුන්ගේ අංගෝපාංග ඇති මිනිස් රූප චිත‍්‍රයට නැගූ අතර ග‍්‍රීක වාසියන් විසින් නිර්මාණය කරන ලද මැටි බඳුන් සැරසීමට විකෘති ස්වරූපයක් සහිත චිත‍්‍ර යොදා ගෙන ඇත.චිත‍්‍ර කලාව කැරිකේචර් චිත‍්‍ර සම්ප‍්‍රදායෙන් පෝෂණය වී එය සංවර්ධනය වීමෙන් වර්තමාන කාටුන් කලාවේ උපත සිදු වී ඇති බව පෙන්වා දිය හැකිය. අතීතයේදී මෙන්ම වර්තමානයේද විශ්ව භාෂාවක් බවට පත්ව ඇති කාටුන් දූෂණය, අසාධාරණයට, කුරිරු පාලන ක‍්‍රමයන්ට විරුද්ධව එ්වා මැඬලීමට නැඟී සිටින කිසිවකට යටත් නොවූ ස්වාධීන ජනප‍්‍රිය මාධ්‍යයක් බව පෙන්වා දිය හැකිය.

මිනිස් ශිෂ්ටාචාරයට පෙර සිටම චිත‍්‍රය මිනිසාට ඉතා සමීප විය. ගුහා චිත‍්‍ර එයට එක් නිදසුනකි. මේ අනූව විකාශනය වූ චිත‍්‍ර කලාව තෙල් සායම් ආදිය ඔස්සේ පුවත්පත් චිත‍්‍ර කතා ලෙස වර්තමානයේ කාටුන් කලාව දක්වා භාවිතයට පත්ව ඇත. චිත‍්‍ර කලාවට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයකි. එය මානව ශිෂ්ටාචාරය තරමටම පැරණිය. වචන දහසකින් ප‍්‍රකාශ කළ නොහැකි අදහසක් චිත‍්‍රය උපයෝගී කර ගනිමින් ප‍්‍රකාශ කළ හැකිය. රේඛා, හැඩතල ඔස්සේ මෙකී චිත‍්‍ර කලාව ලෝකයේ දියුණු වූ ප‍්‍රකාශන මාධ්‍යයක් ලෙස ජනප‍්‍රිය වී ඇත. යුරෝපයේ පල්ලි වල ‘ගාර්ගොයිල්ස්’ යනුවෙන් හැඳින්වෙන විකට ස්වරූපයක් ගන්නා මූර්ති දක්නට ලැබී ඇත.

මේ ආකාරයට චිත‍්‍ර කලාවෙන් පෝෂණය වූ කාටුන් චිත‍්‍රය වඩාත් ජනපි‍්‍රය සහ ප‍්‍රචලිත වූයේ මුද්‍රණ ශිල්පය සොයා ගැනීමත් සමඟය. කාටුන් කලාව මුලින්ම හඳුන්වන ලද්දේ ‘කැරිකේචර්’ (caricature) යන නමිනි. මෙම චිත‍්‍ර සම්ප‍්‍රදාය 16 වන සියවසේදී ඉතාලියෙන් ප‍්‍රභවය වූ බව සඳහන් වේ. එබැවින් කාටුන් (cartoon) යන්න ‘කැරිකේචර්’ යන ඉතාලි වචනයෙන් භින්න වූවකි. ‘කැරිකේචර්’ යනු ‘චරිත’ යන අදහස ගෙන දේ. පුද්ගල චරිත යම් ආකාරයකට විකෘති කොට මෙම චිත‍්‍ර අඳිනු ලැබේ. එනම් කුඩා ශරීර වලට විශාල මුහුණු ආදේශ කිරීමත් සත්ත්ව සිරුරකට මිනිස් මුහුණු ආදේශ කිරීමත් දක්නට ලැබේ. එ් අනූව ‘කැරිකේචර්’ චිත‍්‍ර රටාව ඇසුරෙන් කාටුන් චිත‍්‍රය විකාශනය වූ බව පෙනී යයි.

කැරිකේචර් චිත‍්‍ර සම්ප‍්‍රදාය ඉදිරියට ගෙන එන ලද්දේ ඉතාලි ජාතික අනිබලේ (Anibale& හ අගස්තිනෝ කරච්චි ^Agostino Carracci& යන සහෝදරයින් දෙදෙනා විසිනි. මෙම කැරිකේචර් චිත‍්‍ර මඟින් ප‍්‍රසිද්ධ පුද්ගලයින් උපහාසයට ලක් වූ අවස්ථා දක්නට ලැබේ. මීට පෙර ඉතාලි ජාතික ‘ගුසේප් අර්ච්ම්බොල්ඬේ’ (Guiseppe Arcimbolde) විකෘති චිත‍්‍ර නිර්මාණය කෙරෙහි අත්හදා බැලීම් සිදු කර ඇති බව සඳහන් වේ.  ඔහු පළතුරු වර්ග, කොළ වර්ග යොදා ගනිමින් අද්භූත උඩුකය චිත‍්‍ර නිර්මාණය කොට ඇත. නමුත් අනිබලේ සහ අගස්තිනෝ සහෝදරයින්ගේ චිත‍්‍ර මෙන් එය ජනප‍්‍රිය නොවීය.

                                 

මෙයින් ඇරඹි කාටුන් කලාව 19 වැනි සියවස අගභාගය වන විට මුළු යුරෝපය පුරාම ව්‍යාප්ත විය. ඉංග‍්‍රීසි ජාතික විලියම් හෝගාර්ත් ගෙන් ආරම්භ වී ඉදිරියට ගිය කාටුන් කලාව දෙවන ලෝක යුධ සමයේ දී විශේෂ ස්ථානයක් හිමිව ඇත. විකෘති චිත‍්‍ර ඇඳීම ඉතාලි ජාතික චිත‍්‍ර ශිල්පීන්ට පමණක් සීමා වී තිබුණද 17 වන සියවස මැද භාගය පමණ වන විට ‘බර්නනි’ ^Bernini& නම් ඉතාලි ජාතික චිත‍්‍ර ශිල්පියා එය ප‍්‍රංශයට ගෙන යන ලදි. 18 වැනි සියවස වන විට එය එංගලන්තයට සහ යුරෝපයට ව්‍යාප්ත වී ඇත. හෝගාර්ත් විසින් එකල එංගලන්තයේ පැවැති අප‍්‍රසන්න දේ ‘කැරිකේචර්’ චිත‍්‍ර මඟින් විවේචනය කරන ලදි. කැරිකේචර් චිත‍්‍ර සම්ප‍්‍රදාය කාටුන් චිත‍්‍ර ලෙස නම් කළ පසු ලූවී බොයිලි ^Louis Boilly& සහ පිලිබර්ට් ඩෙබුකෝට් ^phillibert Debucourt& විසින් ඉංග‍්‍රීසි කාටුන් කලාව ප‍්‍රංශයට හඳුන්වා දෙන ලදි.



දේශපාලන මුහුණුවරකින් මුලින්ම කාටුන් දක්නට ලැබුණේ ප‍්‍රංශයෙනි. ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පී ඔනෝරේ ඩෝමියර් සිය කාටුන් චිත‍්‍ර මඟින් රජය නිර්දය ලෙස විවේචනය කර ඇත. කාටුන් චිත‍්‍රයන් සඳහා කේන්ද්‍ර වූයේ සමාජයේ වැඳගත් පුද්ගලයෙකු හෝ නායකයෙකුගේ යම් දුර්වල ලක්ෂණයකි. ඔවුන්ගේ ගති ලක්ෂණ ඉස්මතු කිරීමෙන් ඔවුන් හාස්‍යයට ලක් කිරීම කාටුන් චිත‍්‍ර ශිල්පියාගේ අරමුණ වේ. එමඟින් ඔවුන්ගේ දුර්වල ලක්ෂණ මඟහැරීම අපේක්ෂාව වේ. කාටුන් ශිල්පියා බොහෝ විට කටයුතු කරනු ලබන්නේ සමාජ මෙහෙවර වෙනුවෙනි. 

බි‍්‍රතාන්‍ය යටත් විජිතයන්ට කාටුන් හඳුන්වා දුන්නේ මිෂනාරීන් විසිනි. කැරිකේචර් චිත‍්‍ර සම්ප‍්‍රදාය අතීතයේ සිට බි‍්‍රතාන්‍යයේ දක්නට ලැබුණද කාටුන් චිත‍්‍ර සම්ප‍්‍රදාය බි‍්‍රතාන්‍යයට හඳුන්වා දෙන ලද්දේ තෝමස් බ‍්‍රවුන් විසිනි. බි‍්‍රතාන්‍ය තුළ කාටුනය විරෝධය පෑමේත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේත් ජනප‍්‍රිය අංගයක් බවට පත්ව ඇත. යම් අදහසක් මොහොතකින් සිත් කාවදින අයුරින් ඉදිරිපත් කිරීමට මෙම කාටුන් චිත‍්‍ර වල ඇති ප‍්‍රබල බව නිසාම එය ජනප‍්‍රිය මාධ්‍යක් බවට පත්ව ඇත. සමාජයේ සිදු වන අප‍්‍රසන්න, අමිහිරි බොහෝ දේ මෙම කාටුන් ඔස්සේ උපහාසයට ලක් කිරීමේ හැකියාව ඇත.

0 comments:

:a: :b: :c: :d: :e: :f: :g: :h: :i: :j: :k: :l: :m: :n:

Post a Comment